උණුසුම් පුවත්

ගෝඨාභය ඇතුළු පිරිසකට නොතීසි යවන්නැයි අධිකරණයෙන් දැනුම්දීමක්

2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් යන මහත්වරු වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ව තිබුණේ.

 
Shares: