උණුසුම් පුවත්

ජනපති හෙට මහනුවරට..

 

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට මෙන්ම පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇති.

දිට්වා සුළි කුණාටුවෙන් තම කර්මාන්ත ස්ථාන හෝ යන්ත්‍රෝපකරණ ආදියට හානි සිදු වූ පුද්ගලයන්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් මෙහිදී ලබා දීමට නියමිතයි.

Shares: