UPDATE…
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මේ වනවිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කර තිබෙනවා.
ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට (05) උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවෙයි.
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (04) පස්වරු 1ට මෙරටට වැඩම කරවනු ලැබුවා.
ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඩම කරවීම සිදු කෙරුණා.











