දේශීය

රටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ පිළිබඳ සජිත් – ඩේවිඩ් ලැමී හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමි මහතා හමුවී රටට වැදගත් කරුණු රැසක් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ලෙස,

පාලනය හා දූෂණ විරෝධී ප්‍රතිපත්තිය

නීතියේ ආධිපත්‍යය, විනිවිද පෙනෙන ආයතන සහ වගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

දූෂණයට එරෙහි ගෝලීය උත්සාහයන් සඳහා එක්සත් රාජධානියේ නායකත්වය අගය කරන ලදී.

වෙළෙඳ සබඳතා හා ආර්ථික වර්ධනය

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය ලෙස පවතින බව සඳහන් කර තිබෙනවා.

2025 තුන්වන කාර්තුවෙන් අවසන් වන කාලය තුළ දෙරට අතර වෙළෙඳ පරිමාව පවුම් බිලියන 1.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 10% ක වාර්ෂික වර්ධනයක් බව මෙහිදී එතුමා පෙන්වා දී තිබෙනවා.

ඇඟලුම් අංශය ප්‍රධාන අපනයන වශයෙන් 73% ක දායකත්වයක් ලබා දී ඇති බවත් සඳහන් කරනු ලැබුවා.

අපනයන විවිධාංගීකරණය (රබර්, විලාසිතා, වාරික නිකේතන භාණ්ඩ) පිළිබඳ ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

DCTS යෝජනා ක්‍රමය

2026 ජනවාරි 1 සිට බලපැවැත්වෙන DCTS යටතේ ශ්‍රී ලංකා නිෂ්පාදන 92% කට වඩා තීරුබදු රහිතව එක්සත් රාජධානියට අපනයනය කළ හැකි බව සඳහන් කර තිබෙනවා

MSME සඳහා නීතිමය පහසුකම් සහ සරල කළ අනුකූලතා ක්‍රම හඳුන්වා දී තිබෙනවා.

නීතිමය කරුණු – PSTA සහ මාර්ගගත ආරක්ෂාව

යෝජිත PSTA සහ මාර්ගගත ආරක්ෂණ පනත සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර, නීති ක්‍රියාත්මක කිරීමේදී සිවිල් නිදහස ආරක්ෂා කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පසු සහාය

2025 දිට්වා සුළි කුණාටුවෙන් පසු එක්සත් රාජධානිය විසින් ලබාදුන් පවුම් මිලියන 1ක මානුෂීය ආධාරයට ස්තූතිය පළ කළ බවද සඳහන්.

නවාතැන්, පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, ඖෂධ හා ආහාර සැපයුම් සඳහා එම සහාය යොදාගෙන තිබෙන බව සඳහන් උනා.

පරිසරය හා මිනිස්–අලි ගැටුම

ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ මිනිස්–අලි ගැටුම විසඳීම සඳහා ජාත්‍යන්තර සහාය සහ තාක්ෂණික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

අවසානයේ දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වයම අවධානය යොමු කරමින් සාකච්ඡාව නිමා කර තිබෙනවා.

Shares: