ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පාර්ලිමේන්තු විශ්රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අනුමත කිරීමෙන් එය නිල වශයෙන් පනතක් බවට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමිව තිබූ විශ්රාම වැටුපත්, මියගිය මන්ත්රීවරුන්ගේ බිරින්දෑවරුන්ට ලබා දී තිබූ විශ්රාම වැටුපත් අහෝසි කිරීමට නියමිතයි.
🗳️ ඡන්ද ප්රතිඵල
මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී,
පක්ෂව ඡන්ද 152ක්
විරුද්ධව ඡන්ද 2ක්
ලැබී ඇති අතර, ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.
✍️ සංශෝධන යෝජනාව
මේ අතර, විරුද්ධ පක්ෂය විසින් පාර්ලිමේන්තු විශ්රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අතීතයට බලනොපාන ආකාරයට සංශෝධනයක් ඉදිරිපත් කළ අතර, එම සංශෝධනය සම්බන්ධයෙන්ද ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.
එහිදී,
සංශෝධනයට විරුද්ධව ඡන්ද 148ක්
සංශෝධනයට පක්ෂව ඡන්ද 4ක්
ලැබී ඇති අතර, එම සංශෝධනය ප්රතික්ෂේප වී ඇත.











