උණුසුම් පුවත්

මෛත්‍රී වික්‍රමසිංහ CID හමුවට කැඳවීම – අද පෙනී නොසිටී

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) යටතේ ක්‍රියාත්මක මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, නියමිත පරිදි අද දිනයේ ඇයට පෙනී සිටීමට නොහැකි බව FCID වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය නොපැමිණීමට නිශ්චිත හේතුවක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති නමුත්, සෞඛ්‍ය හේතූන් මත පැමිණීමට අපහසු වූ බව සඳහන් වනවා.

පෙබරවාරි 18 වන දින CID විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට FCID හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බවටයි.

ඒ අනුව, අද දිනයේ ඇය විමර්ශන අංශය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණා.

වාර්තා අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ…

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) යටතේ FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද, සෞඛ්‍ය හේතූන් මත ඇය පෙනී නොසිටි බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කර තිබුණි.

Shares: