හොලිවුඩ් රංගන ලෝකය කම්පාවට පත් කරමින්, “Dr. McSteamy” ලෙස රසික හදවත දිනාගත් එරික් ඩේන් මහතා ස්නායු රෝගයකින් (ALS Diagnosis) සටන් කරමින් සිටියදී 53 වැනි වියේදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුල නිවේදනය කර තිබෙනවා.
පසුගිය වසරේදී ඔහුට Amyotrophic Lateral Sclerosis (ALS) හෙවත් Motor Neurone Disease (MND) ලෙස හැඳින්වෙන දුර්ලභ නාඩි-ක්ෂය රෝගය හඳුනාගෙන තිබුණි.
මෙම රෝගය මගින් මස්පේශී චලනය පාලනය කරන මස්තිෂ්ක හා නාඩි පද්ධතියේ සෛල ක්‍රමයෙන් ක්ෂය වීම නිසා, කතා කිරීම, ගමන් කිරීම, ආහාර ගැනීම සහ හුස්ම ගැනීම වැනි ක්‍රියාකාරකම් මන්දගාමීව අහිමි වීමට හේතු වෙනවා.
ඔහු වඩාත් ජනප්‍රිය වූයේ,
* Grey’s Anatomy හි Dr. Mark Sloan (Dr. McSteamy) ලෙස,
* Euphoria හි Cal Jacobs ලෙස,
* Charmed හි Jason Dean ලෙස,
* The Last Ship හි Captain Tom Chandler ලෙස ය.
තවද, Marley & Me, Valentine’s Day සහ Burlesque වැනි චිත්‍රපටවලද ඔහුගේ රංගනය දැකගත හැකි විය.
පවුලේ ආදරයෙන් වටවූ අවසන් දින
ඔහුගේ පවුල නිවේදනය කරන්නේ, ALS සමඟ සටනන් කරමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා දහවල් ඔහු සමුගත් බවයි.
### “මට කෝපයක් ඇතිවුණා” – අවසන් සම්මුඛ සාකච්ඡාව
පසුගිය ග්‍රීෂ්ම සමයේදී ඔහු Good Morning America වැඩසටහනට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී, තම රෝග නිර්ණය පිළිබඳව “මට කෝපයක් ඇතිවුණා” යැයි සඳහන් කර තිබෙනවා.
“මගේ තාත්තා මම පොඩි කාලේ අහිමි වුණා. දැන් මගේ දියණියන් පොඩි කාලේ මාව අහිමි වෙයි කියලා හිතෙන එක ඉතා වේදනාවක්,” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.
ඔහුගේ බිරිඳ වන Rebecca Gayheart සහ දියණියන් දෙදෙනා වන Billie සහ Georgia ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ බවද පවුල පවසයි. අවසන් දිනවල ඔහු පවුලේ සාමාජිකයින් හා සමීප මිතුරන් විසින් වටව සිටිය බවද සඳහන් වනවා.
1972 දී කැලිෆෝනියාවේ San Francisco නගරයේ උපත ලැබූ ඔහු, 1993දී The Wonder Years මඟින් තම ටෙලිවිෂන් දිවිය ආරම්භ කළේය.
අද ඔහු සමුගත්තද, ඔහුගේ චරිත, ඔහුගේ සිනාව සහ ඔහු ලබාදුන් සමාජ දැනුවත් කිරීම සදාකාලයටම රසික හදවතේ ජීවත්වනු ඇත.
#EricDane #GreysAnatomy #Euphoria #ALS #LouGehrigsDisease #HollywoodNews #RememberingEricDane #TVStars #MovieNews











