ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වන දේවගේ ප්‍රියන්ත පුෂ්පකුමාර (ප්‍රියාන්) යන අය විසින් කාන්තාවක දූෂණය කර ඇති බවට වන පැමිණිල්ලට අදාළව කොටුව පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (28) උදෘත ගොනු කරනු ලැබීය.
2007 වසරේ ෆේස්බුක් මඟින් මිතුරු වූ කාන්තාවක් දූෂණය කළ බවට මැණික් ව්‍යාපාරිකයාට එරෙහිව ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී කොටුව පොලිසිය විසින් එම සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තා කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවේ ගොනු කරනු ලැබීය. රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ වාර්තා මෙතෙක් ලැබී නැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මේ අවස්ථාවේ එම චෝදනාව පිළිගන්නේ නැති බව චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව නඩුව රස පරීක්ෂක වාර්තා සඳහා නඩුව ලබන ජූලි මස 31 යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර ඇති සැකකාර දේවගේ ප්‍රියන්ත පුෂ්පකුමාර යන අය විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.
(සුභාෂිණී සේනානායක)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News