දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ අද (22) පැවති හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.
ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම පදක්කම දිනාගත්තා.
මෙහි රිදී පදක්කම ජපාන ක්රීඩකයෙකුට හිමිවූ අතර, ඔහු මීටර. 78.60ක දක්ෂාතාවක් දැක්වුවා.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත්වුණා.
ඇය මීටර් 57.53ක දක්ෂතාවක් දැක්වු අතර, තරගාවලිය තුළ ඇය දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වීම ද විශේෂත්වයක්.











