කටුනායක ගුවන්තොටුපොළ තුළ රේගුව විසින් ස්ථාපිත කළ නව ස්කෑන් යන්ත්‍ර ආධාරයෙන් පළමු වරට රුපියල් දසකෝටි හැත්තෑ පන් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් භාරයට ගෙන තිබෙනවා.
රේගුව පැවසුවේ ඉන්දීය ජාතිකයකු විසින් ගෙන එන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේ “හරිත මාවත” ඔස්සේ පිට කිරීමට සූදානම් වී ඇති බවයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙඳසැලක සේවය කර ඇති මෙම සැකකරු එයාර් ඉන්දියා (Air India) ගුවන් සේවයට අයත් AI 277 දරණ ගුවන් යානයෙනුයි දිල්ලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ.
එහිදී ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබී පැකට් 19ක “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 750ක් සොයා ගෙන තිබෙනවා.
සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිතයි.
ජර්මනියෙන් ආනයනය කරන ලද කටුනායක ගුවන්තොටුපොළ තුළ රේගුව විසින් ස්ථාපිත කළ නව ස්කෑන් යන්ත්‍රවල පරිලෝකන ක්‍රියාවලිය 2D තාක්ෂණයෙන් සිදුවන බැවින් වඩාත් විධිමත්ව නීති විරෝධී ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකියාවක් පවතින බව එම ගුවන්තොටුපොළ රේගු අධ්යක්ෂ තිළිණි පීරිස් මහත්මිය පසුගියදා සඳහන් කළා.











