දේශීය

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය තොගයක් මිද්දෙණියෙන් සොයා ගැනේ

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සොයාගෙන තිබෙනවා.

ඒ අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලියෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දීයි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් මේ වනවිටත් එම ස්ථානයේ විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

Shares: