මේ වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව, පුද්ගලයින් 212,302 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යංශය පවසනවා.
කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින්ගේ විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව, විදෙස් ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 130,252 ක් වන අතර කාන්තා ශ්‍රමිකයින් 82,050 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව සඳහන්.
ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම සංඛ්‍යාව 53,159ක්.
මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබෙනවා.











