පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ෂින්වාරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා
නිවේදනයක් නිකුත් කරමින් උස්මාන් ෂින්වාරි මේ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.
වසර හයක පමණ කාලයක් පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ ඔහු එක්දින තරග 17 කට සහ විස්සයි20 තරග 16 කට ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී ඔහු එක්දින කඩුලු 34ක් සහ විස්සයි20 කඩුලු 13ක් දවාගෙන ඇති අතර, දෙවන එක්දින තරගයේදී ඔහුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතා ලෙස, සාජාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු පහක් දවා ගැනීමට ද ඔහු සමත් වුණා.











