දේශීය

සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

තංගල්ල, මිද්දෙණිය අයිස් මත්ද්‍ර්ව්‍ය නිෂ්පාදන රසායනවලට සම්බන්ධ පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත්යැයි කියන මෝටර් රථයක් අද (09) පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදී බවයි පොලිසිය පවසන්නේ.

මීට දින 4කට පෙර පැමිණි අයෙක් විසින් මෝටර් රථය එහි නවත්වා ගිය බවයි ගරාජයේ හිමිකරු පොලිසියට පවසා ඇත්තේ.

සම්පත් මනම්පේරිට එම රථය ලබාදෙන ලෙස පවසා ගිය බවද ඔහු පොලිසියට පවසා තිබෙනවා.

Shares: