හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං (Qi Zhenhong) මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙම හමුව සිදුව ඇත්තේ චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුවයි.
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳවයි හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු වූයේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට පෙරද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
තවත් ඉහළ මට්ටමේ හිටපු ප්‍රබල දේශපාලනඥයකු සමඟද චීන තානාපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතවයි ඇත්තේ.











