හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙර පාසල් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරුයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අද (12) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
නෝර්වුඩ් පොලිසිය කියා සිටියේ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.
මෝටර් රථය ධාවනය කර ඇති කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
රෝහල් ගත කළ 07 දෙනාගෙන් එක් දරුවෙකු හැර අනෙක් 06 දෙනා රෝහලේ භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.











