විදෙස්

ට්‍රම්ප් – කිම් හමුවක් ගැන ඉඟියක්?

න්‍යෂ්ටික වැඩසටහන අත්හරින ලෙස කරන ඉල්ලීම් හකුලාගන්නේ නම් ඕනෑම මොහොතක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පියොන්යැන්ග් හි උත්තරීතර මහජන සභාව අමතමින්.

නායකයින් දෙපළ මීට පෙර තෙවරක් එකිනෙකා හමුවී ඇති අතර එම හමුවීම්වල මිහිරි මතක තවමත් සිත තුළ ඇති බව ද උතුරු කොරියානු නායකයා මෙහිදී අනාවරණ කළා.

ධුරයේ සිටියදී උතුරු කොරියානු දේශසීමාව පසුකළ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ද ට්‍රම්ප් වීම විශේෂත්වයක්.

Shares: