Global Platform For All Sri Lankans

Lanka Hit News

ජීවිත රැසකට පණ දුන්, වෛද්‍යවරිය බස් අනතුරින් නොයෙන්නම ගිහින්..

 

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී පසුගිය 04 වනදා උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබුණා.

එම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් ජීවිත්කෂයට පත්ව තිබෙනවා.

නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක් වු හලාවත රෝහලේ නොමේරු ඒකකයේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක වන සේපාලිකා වනමලි නැමති 37 හැවිරිදි කාන්තාවක් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය දිනක හලාවත දෙටස ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලම දෙසට ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී අනතුර සිදුවූ අතර අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

සිය දරුවා පාසලට රැගෙන ගොස් ඉංජීනේරුවරයකු වන සැමියා සමඟ දේවාල හංදිය දක්වා ගමන් කිරීමට මෙම වෛද්‍යවරියත් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ලංගම බසයට ගොඩ වී තිබෙනවා.

හලාවත මහ රෝහලට සේවය සඳහා, පැමිණෙමින් සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වී තිබුණේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads