පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බව පවසනවා.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා මේ වනවිට ලක්ෂ 15ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එම හැඳුනුම්පත් ක්‍රමානුකූලව මුද්‍රණය කර ලබාදීම මෙම දිනවල සිදු කරමින් පවතියි.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව වෙත දෛනිකව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන අනෙකුත් සාමාන්‍ය ඉල්ලුම්කරුවන් වෙත බාධාවකින් තොරව අඛණ්ඩව ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙනවා.











