වොෂින්ටන්හි වෙඩි තැබීමක් පසු ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය – ආරක්ෂක බලකායේ වේගවත් ක්‍රියාමාර්ග
ධවල මන්දිරයේදී සෙනසුරාදා රාත්‍රියේ පැවති White House Correspondents’ Association Dinner රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනි ට්‍රම්ප් හදිසි ආරක්ෂාව යටතේ පිටතට ගෙන ගියා.
වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවති Washington Hilton හෝටලය තුළ වෙඩි තැබීමක් සිදුවීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය හරහා තම ප්‍රතිචාරය දැක්වනු ලැබුවා.
Truth Social ඔස්සේ ට්‍රම්ප් පවසා ඇත්තේ:
“රහස් සේවය සහ නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය විශිෂ්ට ලෙස ක්‍රියා කළා. ඔවුන් ඉක්මනින් හා නිර්භීතව ක්‍රියා කළා.” වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්
“ප්‍රදර්ශනය දිගටම කරගෙන යාමට ඉඩ දෙන්න” යැයි තමා නිර්දේශ කළද, එය සම්පූර්ණයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ තීරණයට යටත් බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම උත්සවය දින 30ක් ඇතුළත නැවත සැලසුම් කරන බවත් තමන් පැය භාගයකින් මාධ්‍ය හමුවක් පවත්වන බවත් ඔහු පසුව නිවේදනය කළා.
ජනාධිපති ආර්යාව, උප ජනාධිපතිවරයා සහ සියලුම කැබිනට් සාමාජිකයින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත්
ට්‍රම්ප් විසින් නැවත අවධාරණය කර ඇත.
සිද්ධිය සිදු වීමත් සමග අමුත්තන් සිය ගණනක් මේස යට දිගා වී ආරක්ෂාව සොයා ගත් බව වාර්තා වුණා. සමහරුන්ට වෙඩි හඬ 5 සිට 8 දක්වා ඇසුණු බවද සඳහන් වේ.
මාධ්‍යවේදීන්, කීර්තිමත් පුද්ගලයින් සහ ජාතික නායකයින් ඇතුළුව සිය ගණනක් සහභාගී වූ මෙම උත්සව ශාලාව ආරක්ෂක නිළධාරීන් විසින් ක්ෂණිකව හිස් කරනු ලැබුණා.
ජාතික ආරක්ෂක බලකාය ගොඩනැගිල්ල තුළ ස්ථානගත කර පිටත ආරක්ෂාව දැඩි කරමින් අමුත්තන්ට පිටව යාමට අවසර දුන්නද නැවත ඇතුළු වීම තහනම් කර ඇත.
සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු වෙමින් පවතී.











