කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබෙනවා.
කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා ඇති අතර ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඒ අසළ සංචාරක හෝටලයක සේවකයින් පිරිසක්.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙනගොස් තිබෙනවා.
මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද නැතිනම් කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරයි.











