පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න වැඩතහනමකට ලක්ව තිබෙනවා.
ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වනවා.
මෙම වැඩ තහනම් කිරීමට එරෙහිව චමින්ද කුලරත්න නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වනවා.
2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වන පරිදි චමින්ද කුලරත්න මෙම ධුරයේ රාජකාරි කටයුතු කරනු ලබනවා.











