දේශීය

වෛද්‍ය සමන්ට රුසියානු ජනපතිගෙන් සම්මානයක්

වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය ඊයේ (04) දින පිරිනමනු ලැබුවා.

එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක්.

දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමිනුයි මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වීරසිංහ මහතා වීම විශේෂත්වයක්.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ මහතා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අයෙක්.

එමෙන්ම දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු දරන්නේද වීරසිංහ මහතායි.

Shares: