දේශීය

ගිනිඅවියක් සමග අයෙක් අත්අඩංගුවට

ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 9ක්, පතොරම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

සැකකරු 43 හැවිරිදි වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Shares: