Global Platform For All Sri Lankans

Lanka Hit News

හිලිහුණු අවසන් බලාපොරොත්තුව..

 

මෙවර ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය සඳහා අද (07) සහභාගී වුණා.

එහිදී ඇය මූලික වටයේ තරගවලින් 16 වැනි ස්ථානය හිමිකර ගත් අතර ඇය දැක්වූ උපරිම දක්ෂතාවය 53.66m ක්.

ඒ අනුව ඇයට ඔලිම්පික් වරම් අහිමි වී යනවා.

දිල්හානි ලේකම්ගේ ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් මේ වන විට 25 වැනි ස්ථානයේ පසුවෙනවා.

ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ මේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවැනි ඔලිම්පික් ක්‍රීඩිකාව ද වෙනවා.

කෙසේ වෙතත්, මීට මාස දෙකකට පෙර කොරියාවේදී පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනාගනිමින් මීටර් 57.94ක් දුර හෙල්ල විසි කළ දිල්හානි මාස 10කට පෙර චීනයේ හැන්ග්ෂූ හි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 61.57ක දක්ෂතාවකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ආසියානු රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads