දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇති බවයි.
එමෙන්ම පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
එම මරණ සංඛ්‍යාව 88ක්.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, , කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 46 දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 35 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි සඳහන් වන්නේ.











