හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (28) දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීමට තංගල්ල කාල්ටන් නිවෙසට ගොස් තිබුණා.
රනිල් වික්‍රමසිංහ සමඟ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රමේෂ් පතිරණ ද මෙම අවස්ථාව එක්ව සිටියා.
ගාල්ල, හිනිදුම, අම්පාර යන ප්‍රදේශවල සිට බස්රථවලින් පැමිණි විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ හමුවීමට අද (28) තංගල්ලට පැමිණ සිටියා.
ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ද සිටිනු දක්නට ලැබුණා.
මෙහිදී හිටපු ජනාධිපතිවරු දෙදෙනා බොහෝ වේලාවක් සුහද පිළිසඳරක යෙදී සිටියා.











