ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Apple සමාගම ඉදිරිපත්ව තිබෙනවා.
එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සිය X ගිණුමෙහි සටහනක් තබමිනුයි ඒ බව සඳහන් කර ඇත්තේ.
එම පණිවිඩය පහතින්,
“තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව හරහා හමාගිය කුණාටු හේතුවෙන් ප්‍රජාවන් විශාල වශයෙන් විනාශ වී ඇත. Apple හි අපි පීඩාවට පත් සියලු දෙනා ගැන සිතන අතර, බිම් මට්ටමේ සහන සහ ගොඩනැගීමේ කටයුතු සඳහා දායක වනු ඇත.”
මෙම ආධාර මගින්, හොංකොං හි සිදුවූ ගොඩනැගිලි ගිනිගැනීම් කිහිපයක්, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් පුරා ඇතිවූ දරුණු කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අපේක්ෂා කෙරෙයි.











