දේශීය

වසා දැමුණු පාසල් හෙට යළි ඇරඹේ

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

එම අමාත්‍යාංශය පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට දිනයේ දී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Shares: