විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ”මහා ජන හඬ” රැලිය අද (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා දේශපාලන පක්ෂ රැසක නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.
ඒ අනුව අද පස්වරුවේ විපක්ෂයේ නායකයන්, නියෝජිතයන්, ප්‍රභූන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සහභාගී වන බවයි සඳහන්.
මේ අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී නියමිත බලපත්‍ර කොන්දේසි මත කටයුතු කරන ලෙසයි පොලීසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා තිබෙන්නේ.











