‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය අවදානමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පාසල් පරිශ්‍රයන්හි නායයෑම් පිළිබඳ අවදානම් පරීක්ෂණක් විශ්ව විද්‍යාලවල සහාය ඇතිව සිදුකෙරෙමින් පවතියි.
මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත පාසල් පරිශ්‍රයන්වල තත්ත්වය කඩිනමින් තක්සේරු කිරීම ඒ අනුව මේ දිනවලවලයි සිදුකෙරෙන්නේ.
මෙම පරීක්ෂණ පසුගිය 9 වනදා ආරම්භ කර ඇති අතර, ඒ සඳහා පේරාදෙණිය, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල ප්‍රවීණයන් හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම් 15ක් මූලිකත්වය ගෙන කටයුතු කරනවා.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයට නිකුත් කර තිබු නායයෑම් අවදානම් රතු නිවේදනය වෙනස් වී තිබෙන අතර ඒ පවතින වැසි තත්ත්වයේ අඩුවීමත් සමඟයි.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව, මිණිපෙ, මැදදුම්බර සහ ගඟ ඉහළ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පමණක් නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර තිබෙනවා.











