දෙමටගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරුවන් ඊයේ (17) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින දෙමටගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක කුටිය අසල දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමග පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
වැඩිදුර විමර්ශනලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගත් එම පොලිස් නිලධාරියා දෙමටගොඩ පොලීසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බවටයි.











