Global Platform For All Sri Lankans

රැකියා සිහිනය සෑබෑ වෙමින්, මෙන්න ලැබුණු අවස්ථාව..

 

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තරුණ තරුණියන් 107 ක් ඊයේ (03) දකුණු කොරියාව බලා පිටත් වු බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම පිරිස විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියා.

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ තරුණියන් 83 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4,368 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වී තිබෙනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඊයේ (03) දින දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 878 වන කණ්ඩායමට අයත් තරුණ තරුණියන් 107 අතරට තරුණියන් තිදෙනෙකුද අයත් වන බවය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා මෙම වසර තුළදී ලාංකිකයින් 3,899 දෙනෙකු පිටව ගොස් ඇති අතර, දෙවන වරට කොරියාවේ සේවය කිරීම සඳහා තවත් ලාංකිකයින් 469 දෙනෙකු මෙම වසර තුළදී පිටව ගොස් තිබෙනවා.

ඒ අතරට නිෂ්පාදන ක්ෂේත්‍ර‍යේ රැකියා සඳහා 3,630 දෙනෙකුද, ධීවර අංශයේ රැකියා සඳහා 623 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගිය 8 දෙනෙකුද අයත් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads