Global Platform For All Sri Lankans

” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප හා වාහන පර්මිට් අහෝසි කරනවා ” අනුර

 

දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරන බවත්, ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ලබාදෙන නිල නිවස ද, විදුලි ගාස්තු හා ජල ගාස්තු ගෙවීම්ද අහෝසි කරන බවත් බණ්ඩාරවෙල පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

ඇමතිවරුන් පිටුපස වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීම අහෝසි කරන බවත්, තර්ජනයක් ඇත්නම් පමණක් පොලිස් ආරක්ෂාව ලබාදෙන අතර, තර්ජනයක් නැත්නම් ඇමතිගේ දොර ඇරීම සඳහා පොලිස් නිලධාරීන් ලබා නොදෙන බවද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන් බලා ගැනීම නතර කිරීමට කටයුතු කරන බවද, එවිට රට ගැන වුවමනාවක් ඇති අය පමණක් දේශපාලනයට පැමිණෙනු ඇති බවද ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මැතිවරණයට කොමිසමේ සුදානම….

  ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads