Global Platform For All Sri Lankans

ප්‍රධාන ප්‍රවාහන සංගම් හතරක සහාය ජනපතිට , රියදුරන්ගේ ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරන්නත් පොරොන්දුවක්..

 

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහය ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හට ලබා දෙන බව ප්‍රධාන ප්‍රවාහන සංගම් හතරක් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රි රෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය තම සහාය වත්මන් ජනපතිට ලබා දෙන බවයි පවසා ඇත්තේ.

ඒ ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සමග අද (04) කොළඹ ගාලුමුවදොර හරිත භූමියේ පැවති හමුවේදීයි.

කෙසේ වෙතත්, පැවති ආර්ථික අර්බුදය හමුවේ ණය බරින් පීඩා විඳින රියදුරන්ගේ එම ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු මඟින් අවස්ථාව සලසා දෙන බවට ද ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මැතිවරණයට කොමිසමේ සුදානම….

  ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads