Global Platform For All Sri Lankans

Lanka Hit News

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත්..

 

2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව පළමු දිනයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය (05) පැවැත්වීමට නියමිතයි.

ඊයේ දින (04) දිනයෙන් ආරම්භ කල මෙම ඡන්ද විමසීම හෙට (06) දිනයේදීත් පැවැත්වෙනවා. තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

ඊයේ පැවැති තැපැල් ඡන්ද විමසීම පෙරවරු 8.30 සිට ආරම්භ වූ අතර ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4.00 ට අවසන් කෙරුණා.

කාණ්ඩ කිහිපයක් යටතේ අද සිට ඡන්දය සලකුණු කිරීම ආරම්භ වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ට අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවසර හිමිව තිබුණා.

ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක පහසුකම් සලසා තිබෙනවා.

අද, හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 වැනිදා සහ 12 වැනිදාද ඡන්දය සලකුණු කළ හැකියි.

මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712, 319ක් සුදුසුකම් ලබා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

මනුෂ අපේක්ෂිත ඇපය ඉල්ලා අස්කර ගනී

  දකුණු කොරියාවේ රැකියාව ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads