Global Platform For All Sri Lankans

රජුගෙන් නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය..

 

තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු අගමැති Paetongtarn Shinawatra ගේ නව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

එය රාජකීය ගැසට් පත්‍රය මගින් තහවුරු කර ඇති අතර ඇයගේ සභාග ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විතයි.

එම පෙළගැස්මට නව මුහුණු 12 ක් ඇතුළත් බව සඳහන්.

38 හැවිරිදිPaetongtarn Shinawatra, පසුගිය මාසයේ තායිලන්තයේ ලාබාලතම අගමැති ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කර ගත්තා.

ඒ හිටපු අගමැති Srettha Thavisin අධිකරණය විසින් ඉවත් කිරීමෙන් පසුවයි.

2001 වසරේ සිට තායිලන්තයේ ආණ්ඩු මෙහෙයවූ ඇයගේ Pheu Thai පක්ෂය, මුදල් අමාත්‍ය Pichai Chunhajira සහ විදේශ අමාත්‍ය Maris Sangiampongsa රඳවා ගනිමින් නව කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ බලවේගය ලෙස තවමත් ක්‍රියාත්මක වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads