ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදුවුණා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණා.
ඒ අනුව, “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළි දක්වනු ලැබුවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ සන්ධානයේ සභාපතිත්වය දරන අතර නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණයි.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, තමිල් මක්කල් විදුතලයි පුලික්කාල් පක්ෂය, ජාතික ක්‍රොංගසය, එක්සත් ජනතා පක්ෂය, ජාතික සමගි පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා බලවේගය නියෝජනය කරන සාමාජිකයන් එක්ව අවබෝධතා ගිවිසුමක ට ද අත්සන් තබා තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 21