Global Platform For All Sri Lankans

” “රනිල්, අනුර අයියා මලෝ ජෝඩුවක්, එයාලාට රටේ ප්‍රශ්ණ විසදන්න බෑ” සජිත්

 

රට පරදවන රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක අයිය මලෝ ජෝඩුව දේශපාලන ජෝඩුවක් වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ, ඊයේ (09) මහනුවර පැවති සමගි ජන සන්ධානයේ 41 වැනි ජන රැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ තමා පැරදවීම රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායකගේ අරමුණ බවයි.

එමෙන්ම ඔවුන්ගේ දෙවැනි මනාප බෙදාගෙන ඇති බවත් එම නිසා දෙවැනි මනාප අවශ්‍ය නොවන බවත් පළමු වටයෙන්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් මේ රටේ ජනතාව මේ දේශපාලන ඩීල්වලට රැවටෙන්නේ නැති බව ත්,

රටේ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වී ඇති නමුත් ඔහුට පාස්පෝට් හෝ වීසා දෙන්න බැරි වී ඇති බවත් මේ අයට රටේ ප්‍රශ්න විසදන්න බැරි බවත් පාස්පෝට් හා වීසා පෝලිම බවත් ඒකාබද්ධ ඇගලුම් සංගමය කියන ආකාරයට ගැනුම්කරුවන්ට සැපයම්කරුවන්ට තාක්ෂණික සේවා සපයන අයට අප රටට ඒමට වීසා දෙන්න බැරි වී ඇති බවත් මෙය අප රටට බලපාන බවත් සංචාරක ක්ෂේත්‍රය පවා මේ නිසා කඩා වැටෙමින් යන බවත්,

අනුර එක්ක හොර ඩීල් නොගහ පාස්පෝට් සහ වීසා දෙන වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ අය රටේ වගකීම බාර ගත්තොත් ඇපත් නැති බවත් රනිල් අනුර මහා කුමන්ත්‍රණය පරාජය කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads