Global Platform For All Sri Lankans

අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න..

 

ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊ පාස්පෝට් ටෙන්ඩරය මිලදී ගත් සමාගමෙන් චීපය රහිත පාස්පෝට් ප්‍රමාණයක් ලබන ඔක්තෝබර් 20 වැනිදාට පෙර ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි.. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්.. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා.. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි.. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා.. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට.. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා.. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ.. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට.. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට.. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි.. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා.. මේවා අමූලික බොරු.. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා..”

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බිනර පුර පසළොස්වක පොහොය අදයි..

බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන්  කළ වැදගත්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads