Global Platform For All Sri Lankans

ඡන්දේ දාන්න යන්න , දුරකථන තහනම්..

 

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ඊයේ (12) සඳහන් කළා.

එසේම, ජනාධිපති අපේක්‍ෂකයන් ඡන්ද සළකුණු කරන අවස්ථාව, ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවසර ලැබුණ ද ඡන්ද දින පස්වරු 4.00 ට පෙර ඒවා පළකිරීම සහ ප්‍රචාරය කිරීම තහනම් බව ද ඔහු සඳහන් කළා.

තවද, තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල වූ දේවල් බරපතල බව කී සභාපතිවරයා, ඡන්ද සළකුණු අවස්ථාව ඡායාරූප ගැනීම නොව තමන් ඡන්දය දැම්මේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බව ද සඳහන් කළා.

කෙසේ වෙතත්, මැතිවරණවලදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට මීට පෙර තහනමක් පනවා තිබුණේ නෑ..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads