Global Platform For All Sri Lankans

ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ගැන නවතම හෙළිදරව්ව..

 

ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනෙක් සහ එක් සැකකාරියක් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් අද දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට රැගෙන ආ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මීට පෙර ද ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත්, ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අදාළ නඩුවයි අද කැඳවීමට නියමිතව තිබෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads