බ්‍රිතාන්‍ය පාලන සමයේ අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව මරණයට පත් කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ට ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 33(ඌ) ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවයි.
ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස සිටි රොබට් චාමස් විසින් 1915 ජුනි මස 25 වන නිකුත් කරන ලද ප්‍රකාශයකින් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් හට දඩුවම් නියම කෙරුණේ, යුධ අධිකරණයක් විසින්.
එය එම වර්ෂයේ ජූලි මස 07 වනදා ක්‍රියාත්මක කළ බව සඳහන්.