පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන අය එලෙස සිය ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස් වී ඇති බව සඳහන්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ ද ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
එමෙන්ම, ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 21