Global Platform For All Sri Lankans

පහේ හපනුන්ට , ප්‍රශ්නයක් වෙයිද ? ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන නවතම හෙළිදරව්ව..

 

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කළේ, එම විමර්ශනවල කරුණු සලකා බලා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, විමර්ශනවලින් අනතුරුව සාධාරණ විසඳුමකට එළැඹීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර, ඊයේ(23) දිනයේ දී ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads