පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී හරක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සොදිසි මෙහෙයුමක් අතතුර දී පොලිස් මාර්ග බාධකයකදී ලොරි රථයකට නවත්වන ලෙසට අණ කර තිබෙන අතර, එය අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කර ඇති අතර, පසුව පොලීසිය විසින් ලොරි රථයට වෙඩි තබා ඇති බව සඳහන්.
එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 32