Global Platform For All Sri Lankans

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ලංකා ගමනේ සියලු තතු විත්ති..

ඊයේ (04) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය විජිත හේරත්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන අය ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිල X ගිණුමෙහි සටහන් තබමින් මේ සඳහන් කළා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ එස්. ජයශංකර් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ශ්‍රී ලංකා බැඳීම දෙරටෙහි ජනතාවගේ සහ කලාපයේ උන්නතිය වෙනුවෙන් යොදාගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X සටහනෙහි දක්වා ඇත්තේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දීය ජනාධිපතිනි ද්‍රව්පදි මුර්මුගේ සුභාශිංසන ද, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට යොමුකර ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads