Global Platform For All Sri Lankans

තාවකාලිකව අත්හිටුවා තිබූ දේ, යළි ආරම්භ කිරීමට මැතිවරණ කොමිසමෙන් අවසර..

ජනාධිපතිවරණ කාලසීමාවේ තාවකාලිකව අත්හිටුවා තිබූ සියලු කාර්යයන් යලි ආරම්භ කිරීමට අනුමැතිය ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව, පොහොර හා ධීවර සහනාධාර මෙන්ම වැඩිකළ විශ්‍රාම වැටුප ද ගෙවිය හැකි බවයි එම කොමිසම පැවසුවේ.

පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ වැඩසටහන් කිහිපයක් මැතිවරණ කොමිසම මගින් අත්හිටුවනු ලැබුවා.

ජනාධිපතිවරණය අවසන් වී ඇති බැවින් එම කාර්යායන් ක්‍රියාත්මක කිරීමට යළි අනුමැතිය අවශ්‍ය නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිවේදනය මගින් පෙන්වා දුන්නේ.

ඒ අනුව මහකන්නයේ වගා කටයුතු සඳහා පොහොර ලබා දිය හැකි අතර ධීවර සහනාධාරය මෙන්ම වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාව සැප්තැම්බර් හිග මුදල ද සමඟ ඔක්තෝබර් මාසයට ලබාදිය හැකියි.

කෙසේ වෙතත් රාජ්‍ය දේපල අනිසි භාවිතය වැලැක්විය යුතු බවත්, රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා බඳවාගැනීම් උසස් කිරීම් මාරු කිරීම් සීමා කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads