Global Platform For All Sri Lankans

අනුරට සහාය දෙන්න , එරික් සෝල්හයිම් ඉල්ලයි..

සාමකාමී බහු වාර්ගික හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය දිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු දේශපාලනඥයකු වන එරික් සෝල්හයිම් පවසනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්ව සති දෙකක් පමණක් ගත වී බවත්, එම කාලය තුළ ඔහු හොඳින් කටයුතු කර ඇති බවත් එහි දක්වා තිබෙනවා.

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කළ හැකි බවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ දුප්පතුන්ගේ අවස්ථා වැඩිදියුණු කිරීමට අවශ්‍ය සම්පත් ගෙන ඒමට හැකි වන්නේ ව්‍යාපාරිකයන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් පමණක් බවටත් ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යාපාරික ප්‍රජාව වෙත අවධානය යොමු කළ බවත් සෝල්හයිම් එහි සටහන් කර ඇති බව සඳහන්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads