Global Platform For All Sri Lankans

රට හැර ගිය, ශ්‍රී ලාංකිකයින් ගැන අමුතුම හෙළිදරව්වක්..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත් ව යාම ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට විදෙස් ගතවීම් 10%කින් ඉහළ ගොස් ඇති බව කාර්යාංශය පැවසුවේ.

ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 28,344 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716 ක්.

2024 මුල් මාස 9 තුළ විදෙස් රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 240,109 ක්.

එයට කාන්තා ශ්‍රමිකයින් 99,939 ක් හා පිරිමි ශ්‍රමිකයින් 142,170 ක් ඇතුළත් වනවා.

මෙම කාලය තුළ පුහුණු ශ්‍රමිකයින් 70,396 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව තිබෙනවා.

ඒ අතරට පිරිමි ශ්‍රමිකයින් 62,177ක් හා කාන්තා ශ්‍රමිකයින් 8,219 දෙනෙකු අයත් ය. 2024 මුල් මාස 9 තුළ වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයින් 17,649 දෙනෙකු විදේශ ගතවී තිබෙනවා.

එමෙන්ම, අර්ධ පුහුණු රැකියා සඳහා යොමු වූ ලාංකිකයින් ප්‍රමාණය 3,704 ක්.

2024 මුල් මාස 9 තුළ වැඩිම ලාංකිකයින් පිරිසක් රැකියා සඳහා යොමුව ඇත්තේ සෞදි අරාබියට වන අතර එම ප්‍රමාණය 38,133 ක්.

මෙම කාලය තුළදී ලාංකිකයින් 6391 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් ඇති අතර, තවත් ලාංකිකයින් 6295 දෙනෙකු ජපානයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

එසේම, දකුණු කොරියාවේ රැකියා සඳහා 5870ක්, කුවේට් රාජ්‍යය සඳහා 5677ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 3995 ක්ද පිටත්ව ගොස් තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads